නිරෝෂන්ට රුසියාවෙන් සම්මානයක්

March 12, 2019

ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු රාජ්‍ය  අමාත්‍ය නිරෝෂන් පෙරේරා මැතිතුමන් 2017 වර්ෂයේදී රුසියානු සමුහාණ්ඩුව විසින් සංවිධානය කල “19 වන ජාත්‍යන්තර තරුණ සහ ශිෂ්‍ය උත්සවය ”  සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ලබා දෙමින් තාරුණ්‍ය වෙනුවෙන් කල සේවාව වෙනුවෙන්  රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මැතිතුමන්ගේ අත්සනින් යුතු පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානයක් ඊයේ සිදු කෙරිණ.

කොළඹ පිහිටි රුසියානු මධ්‍යස්ථානයේදී  පැවති  මෙම ප්‍රදානය ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙක් වෙනුවෙන් ලබා දුන් පළමු අවස්ථාව මෙයයි. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරි මතේරි (Yuri Materiy) මැතිතුමන්ගේ සුරතින් පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානය මෙහිදී සිදු කෙරිණි.

t

o

p