මාකොල ඝාතනයේ ප්‍රධාන සැකකරුට නවගමුවේදි වෙඩි තබා මරලා

March 11, 2019

ශානි පොල්ගම්පොල

මාකොළ මන්නා ඝාතනයේ ප්‍රධාන සැකකරුව වෙඩි තබා මරා දමා තිබියදි නවගමුව පොලිසිය අද (11) උදෑසන සොයා ගෙන තිබේ.

කැළණිය ,ගෝනවල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි තිස්හත් හැවිරිදි විරසිංහ ආරච්චිලාගේ චමිල ප්‍රසාද් කරුණාරත්න නැමැති පුද්ගලයෙකුව මෙසේ ඝාතනය කර තිබුණි.

කඩුවෙල,ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ රබර් ඉඩමක් අසල මළ සිරුරක් ඇති බවට නවගමුව පොලිසිය අද උදෑසන පරික්ෂණ ඇරඹිය.එහිදි මළ සිරුර ආසන්නයේ තිබි ටි -56 සජිවි උණ්ඩ කිහිපයක්, හිස් පතොරොම් කොපු කිහිපයක්ද තිබි පොලිසිය සොයා ගනු ලැබිය.

මොහු 2018-12-12 දින සපුගස්කන්ද පොලිස් වසමේ ගල්වල හන්දියේදි මාකොල විසු එච්.ඒ.ධනුෂ්ක සංජිව නොහොත් මන්නා නැමැති ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කිරිමේ ප්‍රධාන සැකකරු වේ.

නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

t

o

p