අන්තර්ජාල භාණ්ඩ ගෙන්වීමේදි ජාතිය ගොඩනැගිමේ බද්දට පරිවර්තන සමූහයේ විරෝධය

March 7, 2019

අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවා භාණ්ඩ ගෙන්වීමේදී එයට ජාතිය ගොඩනැගීමේ බද්ද නමින් නව බද්දක් අයකිරීමට මුදල් ඇමති මංගල සමරවිර කටයුතු කිරීම ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස අප තරයේ හෙලා දකින බව එම සංගමය නිවේදනය කරයි.

එහි සභාපති රජිව් යසිරි කුරුවිටගේ මැතිව්  මහතා නිකුත්මෙ කළ නිවේදනයේ මෙසේ ද සදහන්වේ.

කිසිදු සොයාබැලීමකින් තොරව සියලුම භාණ්ඩ හා සේවා වලට බදු පැනවීමට යාමෙන් සිදුවන්නේ රජය කෙරෙහි තිබෙන ජනතා අප්‍රසාදය තවදුරටත් වැඩිවීමක් බව අදාළ බලධාරීන්ට කැමැත්තෙමු.

ශ්‍රී ලාංකිකයන් බොහෝ පිරිසක් මෙලෙස අන්තර්ජාලය වෙබ් අඩවි හරහා මෙරටට ගෙන්වනු ලබන්නේ මෙරට වෙළදපොලෙහි මිලදීගැනීමට දක්නට නොලැබෙන ඔවුන්ගේ එදිනෙදා ජිවිතයට වැදගත්වන කුඩා අයිතම වන අතර එයින් බොහෝමයක් කුඩා තාක්ෂණික මෙවලම් වේ.විශේෂයෙන්ම මෙවැනි දේ ඉතාමත් අධික වටිනාකමකින් යුක්ත භාණ්ඩ නොවන අතර සාමන්‍ය ජනයා මත බදු පටවා ඔවුන්ව අපසුතාවයට පත් කිරීමෙන් වැලකී සිටීමට රජය වගබලාගත යුතු බව ශි ලංකා පරිවර්තන සමූහය ලෙස ප්‍රකාශ කරමු.තවද සුදුසු පුද්ගලයන්ට සුදුසු ඇමතිකම් ලබාදුන්නේ නම් මෙලෙස සාමාන්‍ය ජනයාට අසාධාරණ අයවැයක් ඉරිපත් නොවෙනු  ඇතැයි අප විශ්වාස කරමු.

t

o

p