බන්දුලගේ ප්‍රකාශය වැරදියි ප්‍රාථමික ගිණුමේ බිලියන 91 ක තිබෙනවා – ඇමති හර්ෂ

March 6, 2019

2018 වසරේදී රුපියල් බිලියන 91 ක අතිරික්තයක් ප්‍රාථමික ගිණුමේ පැවති බව පොදු පහසුකම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්වතුවේදි අද (06) පැවසීය.

ප්‍රාථමික ගිණුමේ සෘණ ශේෂයක් පවතින බවට බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය. අය වැය විවාදයට එක් වෙමින් ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

පොදු පහසුකම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ කීවේය.

ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් නැහැ කියා කියන කතා මම ප්‍රතික්ශේප කරනවා. ශ්‍රීලංකා භාණ්ඩාගාරයෙන් ඉදිරිපත්කරපු දත්ත මම පෙන්වන්නම්.  2014 දී  ප්‍රාථමික ගිණුමේ තිබුණේ හිගයක්. රුපියල් බිලියන 155 ක හිගයක්. 2015 දී ප්‍රාථමික ගිණුමේ හිගය බිලියන 302 යි. නමුත් වසර පනස් ගණනකට පසුව ප්‍රාථමික ගිණුමේ අතිරිත්කයක් තිබුණේ 2017 දී එය රුපියල් බිලියන 02 යි.   2018 දී එය රුපියල් බිලියන 91 ක අතිරික්තයක් වුණා. මේවසරේදී  බිලියන 228 ක අතිරික්තයට යන්න අපි  බලාපොරොත්තුවෙනවා.

ප්‍රාථමික ගිණුමේන් එදිනෙදා වියදම්වල පොලිය ඉවත් කරනවා. පසුගිය ආණ්ඩු ගත්ත ණය පොලිය අපිට ගෙවන්න වෙලා තියෙනවා.  2011 සිට ගෙවන්න තිබුණ බිල්පත් පහුගියආණ්ඩුව ගෙව්වේ නැහැ. 2011 , 2012 , 2013 , 2014 රුපියල්  බිලියන 138 ක බිල්පත් ගෙවන්නෙ නැතුව තිබුණා. අපි ආවාම අපිට තමයි ඒක ගෙවන්න වුණේ.  ඔහෙලා නොගෙවපුවා අපි ගෙව්වා. ඒ බිලියන 138 න් ආයතන 17 ක අර්ථසාධක අරමුදල් නොගෙවපු ඒවත් තිබුණා  යැයි පැවසීය

 

t

o

p