ඉම්රාන් ඛාන්ට නොබෙල් සාම ත්‍යාගය හිමි විය යුතු බවට යෝජනා

March 4, 2019

ඉන්දියාවත් පකිස්ථානයත් අතර හට ගැනිමට ගිය යුද්ධ තත්ත්වය කඩිනමින් විසදා ගැනිම හේතුවෙන් පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් හට මේ වසරේ නොබෙල් සාමත ත්‍යාගය හිමිවිය යුතු බවට එ‍රට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත්ව ඇත.

අගමැති ඉම්රාන් ඛාන්ට නොබෙල් සාම ත්‍යාගය හිමිවිය යුතු බවට යෝජනාව ඉකුත් 02 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ සන්නිවේදන කටයුතු පිළිබ’ද ඇමති ෆාවද් චෞද්‍රි විසිනි.

පාකිස්ථානයේ ක්‍රියාත්මක ජායිෂ් ඊ මොහොමදි ත්‍රස්තවාදින් ඉකුත් 14 දා ඉන්දීය දේශසීමා අරක්ෂක සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් පහරදීමත්, ඊට විරෝධය දක්වමින් ඉකුත් 26 දා ඉන්දීය ගුවන් හමුදාව, පාකිස්ථාන ගුවන් සීමාව උල්ලංඝනය කරමින් ජායිෂ් ඊ මෙහොමද් පුහුණු කදවුරකට බෝම්බ හෙලිමත්, ඉන්දීය ප්‍රහාරක යානාවක් පකිස්ථානයට කඩා වැටීමෙන් එහි නියමුවා පකිස්ථානු හමුදා අත්අඩංගුවට පත්විමත් සමග ඉන්දියාව සහ පකිස්ථානය අතර යුද බියක් නිර්මාණය විය.

ඉන්දියාවත් පකිස්ථානයත් න්‍යෂ්ටික බලවතුන් වන අතර දෙරට අතර යුද්ධයක් නිර්මාණය වූයේ නම් එය ආසියාතික කලාපයට පමණක් නොව මුළු ලොවටම තර්ජනයක් වනු ඇති බවත් යුද විශ්ලේෂකයෝ අනතුරු ඇගවූහ.

එම අර්බුදය නිමාවූවේ ඉන්දියාව සමග සාකච්ඡාවකට පකිස්ථානය සුදානම් බවට ඉම්රාන් ඛාන් පැවසීමත් සමගය. ඒ අතර අත්අඩංගුවේ පසුවූ ඉන්දිය ගුවන් සෙබල අබිනන්දන් නිදහස් කිරිමට ද පකිස්ථානය කටයුතු කළේය.

t

o

p