පකිස්ථාන් ඉන්දිය ප්‍රහාරය ගැන ඇමරිකාව අවධානයෙන්

March 4, 2019

පාකිස්තානය ඉන්දියානු ප්‍රහාරක යානය බිම හෙළන ලද්දේ ඇමෙරිකාවේ නිෂ්පාදිත එෆ් 16 ප්‍රහාරක ජෙට් යානා යොදාගනිමින්දැයි එක්සත් ජනපදය පාකිස්තානයේ විමසීමක් කර ඇතැයි විදෙස් පුවත් එජන්සි වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් නුවර පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය පාකිස්තාන රජයෙන් විමසීමක් කර ඇත. පාකිස්තානය ඉන්දියානු ප්‍රහාරක ගුවන් යානයට පහර දුන්නේ එෆ් 16 ප්‍රහාරක ජෙට් යානාවලින් නම් එය එම යානා මිලදී ගැනීම සඳහා ඇමෙරිකාව සහ පාකිස්තානය අත්සන් තබන ලද ගිවිසුම උල්ලංඝණය කිරීමක් යැයි ද වාර්තාවේ.

ඉන්දීය ප්‍රහාරක යානා බිම හෙළීමට එෆ් 16 යානා යොදා නොගත් බවත් පාලන ප්‍රදේශ සීමාව පසු කළ ඉන්දීය ප්‍රහාරක යානාවලට ප්‍රහාර එල්ල කළේ ආත්ම ආරක්ෂාවට යැයි ද පාකිස්තානය සඳහන් කරයි.

“ඉන්දීය ප්‍රහාරක යානා බිම හෙළීමට එෆ් 16 යානා යොදාගත් බවට තොරතුරු අනාවරණය වෙනවා. අපි ඒ සම්බන්ධයෙන් තවදුරටත් සොයා බලනවා. ආරක්ෂක ගිවිසුම් උල්ලංඝණය කර තිබෙනවා නම් අපි ඒ සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නවා” යැයි පාකිස්තානයේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවැසීයැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනි.

ඇමෙරිකාව ඔවුන් අපනයනය කරන හමුදා උපකරණ, යානා යනාදිය භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සීමා පනවන අතර ඒ සම්බන්ධයෙන් අදාළ රටවල් සමඟ ගිවිසුම්වලට ද අත්සන් තබයි.

t

o

p