යොවුන් සේනාංකයට හදිසියේ පැමිණි ඇමති සාගල.

March 4, 2019

මාතර දිස්ත්‍රික්කයේ ක්‍රීඩා දක්ෂතා ඇති තරුණ,තරුණියන් සදහා ක්‍රියාත්මක කරනු ලබන ක්‍රීඩා පුහුණු පුහුණු කඳවුරක් පසුගිය 02 වැනිදා සිට අකුරැස්ස යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ දී ආරම්භ වුණි. වොලිබෝල්,නෙට්බෝල්,කබඩි යන ක්‍රීඩාවන්හි දක්ෂතා දැක් වූ ක්‍රීඩක,ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා  ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම නේවාසික ක්‍රීඩා පුහුණු කඳවුර සංවිධානය කර තිබූ අකර ඒ සදහා ක්‍රීඩක,ක්‍රීඩිකා‍වෝ 200 වැඩි පිරිසක් සහභාගි වූහ. නාවික කටයුතු කටයුතු,දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ද ඊයේ  04 වැනි දින පෙරවරුවේ මෙම පුහුණු කඳවුරට නිරික්ෂණය කිරීමට සහභාගි විය. ක්‍රීඩක,ක්‍රීඩිකාවන් සමග කථාබහක යෙදුනු අමාත්‍යතුමන් තවදුරටත් මොවුන්ගේ දක්ෂතා ජාතික මට්ටමට රැගෙනයාම සදහා අවශ්‍ය පහසුකම් ලබාදීම සදහා ජපන් ජාතික ක්‍රීඩා උපදේශිකා ඉකු කොටේ මහත්මිය හා ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් සමග සාකච්ඡා කළේය.

 

ජාතික තරුණ සේවා සභාමේ ක්‍රීඩා අංශය මගින් පුහුණු කඳවුර සංවිධානය කර තිබූ අතර ජපන් ජාතික ඉකු කොටේ ක්‍රීඩා උ‍පදේශිකාවගේ දායකත්වය ක්‍රීඩා පුහුණු කඳවුරට ලබා දී තිබීම  ද විශේෂත්වයකි.මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ මාතර සහකාර අධ්‍යක්ෂ ටී.එල්.එල්.ජයසේකර ,හා ජාතික තරුණ සේවා සභාවේ මාතර දිස්ත්‍රික්කයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.sagala 2

sagala 1

t

o

p