චරිත ඝාතනය කරන්නේ නැතුව මාධ්‍යයෙන් නිවැරදි දේ හෙළි කළ යුතුයි – රවි

March 4, 2019

“අද මම හිතන්නේ මාස ගණනාවකට පස්සේ නැවත මහරගම නීත්‍යානුකූලව එක්සත් ජාතික පක්ෂය තමයි පාලනය කරන්න අවශ්‍ය වන්නේ. නමුත් අද කව්රුත් කිසිම නායකත්වයක් නැතුව අගාධයට යන අවස්ථාවක් අද උසාවිය ඉදිරියේ තියෙන්නේ යැයි විදුලි බල හා බලශක්ති ඇමති රවි කරුණුනායක මහතා කීය.

“අපි හිතනවා අද උසාවියෙන් යම් සෙතක් ලබාගන්න පුළුවන් වෙයි කියලා. මේ මැතිවරණ ක්‍රමය තුළ තියෙන දුර්වලතාවය තමයි අහක යන කිසිම පදනමක් නැතුව පොඩි දේකට හරිපාලනයක් නැතුව වෙන අය ඇවිත් පාලනය කිරීමේ හැකියාව තිබෙනවා.  ඒක වෙනස් කිරීමේ ස්වරූපයක් තමයි අපි ඉල්ලලා තියෙන්නේ. අපි හිතනවා අධිකරණය තුළින් නිසියාකාර උත්තරයක් ලැබෙයි කියලා.” යැයි ද පැවසීය.

ඒ මහතා මෙම අදහස් පළකළේ, කොටුව බස්නාහිර පළාත් මහාධිකරණයේ විභාගය වුණු මහරගම නගර සභාවේ පාලනය සම්බන්ධයෙන් පවතින නඩුවට 01 දා පෙරවරුවේ සහභාගී වෙමිනි.

මේ අතර මාධ්‍යවේදීන් විසින් නගන ලද ප්‍රශ්න කිහිපයකටද අමාත්‍යවරයා මෙහිදී පිළිතුරු ලබා දුන්නා.

ප්‍රශ්ණය

ඒවගේම දැන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඇමතිතුමා කියලා තිබෙනවා පාර්ලිමේන්තුවේ බහ්තරයක් කොකේන් භාවිතා කරනවා කියලා. ඒ සම්බන්ධයෙන් මොකක්ද ඔබතුමාගේ අදහස.

පිළිතුර

හොඳම දේ එයාගෙන් අහන එක නේද. එයා දන්නවා ඇති කව්රුත් කාත් එකක්ද මොනවද කරන්නේ කියලා. මම නම් දන්නේ නැහැ කා ගැනවත්. මම හිතෙන විදියට ඒක වෙන්නේ නැහැ. එයාලගෙන් කතා කරලා අහන එක තමයි හොඳම දේ.

ප්‍රශ්ණය

ඒවගේම එතුමා චෝදනාවක් කරනවා එතුමා සහ බුද්ධික පතිරණ මහතා කොකේන් පරීක්ෂාවක් කළා. අනිත් අයත් එහෙම කරන්න ඕන කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සැරින් සැරේ විවිධ චෝදනා ආවා. හොරා කෑවා ආදියෙන්. මේ ගැන ඔබතුමා මොකද හිතන්නේ.

පිළිතුර

මාධ්‍ය ඉස්සරහ ඔය වගේ රඟපෑමක් නැතුව මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය රැකගෙන කටයුතු කිරීම අත්‍යාවශ්‍යයි. මම හිතන්නේ සියලු දෙනාම මේ සම්බන්ධයෙන් කරන්න තියෙන සියලුම පරීක්ෂණ කරන්න අවශ්‍යයයි. ඒ අයට කියන්න අවශ්‍ය නෑ. නමුත් මන්ත්‍රීවරුන් හාස්‍යයට ලක් කරන එක හරි අපරාධයක්. ඉතින් මම හිතන්නේ මම දන්න මන්ත්‍රීවරු කිසිම කෙනෙක් ඔතන නෑ. ඉන්නවා නම් හොයලා බලලා කටයුතු කරන එක තමයි අවශ්‍ය වන්නේ.

ප්‍රශ්ණය

ඒ වගේම ආරංචියක් තියෙනවා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සහ විපක්ෂ නායකතුමා අතර ඊයේ රාත්‍රියේ සාකච්ඡාවක් තිබිලා තියෙනවා විධායක ධුරය අහෝසි කරන එක සම්බන්ධයෙන්.

පිළිතුර

ඉතින් කොච්චර හෙඳද. ඒක තමයි මම මුල ඉදන්ම කිය කිය හිටියේ. දැන් ඒ සියලු දෙනාටම කටයුතු කරන්න කාලය ඇවිත් තියෙනවා.

ප්‍රශ්ණය

විධායක ජනාධිපතිදුරය අහෝසි කළ යුතුයි කියන තැනද ඔබතුමා ඉන්නේ.

පිළිතුර

ඒකටනේ අපි ඡන්දයෙන් ආවේ. පත්වුණේ ඒක අහෝසි කරන්න. රැකගෙන ඉන්න නෙමෙයි. ඇයි ඒකේ වැරුද්දක් තියෙනවද. නැහැ ඒක තමයි අවශ්‍ය වන්නේ. ඒක මම හිතන්නේ එදා ඉදන්ම අපි සටන් කරලා  ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළින් පාර්ලිමේන්තුවට ඒ බලතල තියාගෙන කටයුතු කරන්න කියලා. මම දන්නවා ජනාධිපතුමත් අගමැතිතුමත් හිටපු ජනාධිපතිතුමත් තුන්දෙනාම අද ඒ ස්ථාවරයට ඇවිත් තිබෙනවා. ඒකට ටී.එන්.ඒ. එකයි ජේ.වී.පී. එකයි සියලුම පක්ෂ එකතු වෙලා කියෙනවා.

ප්‍රශ්ණය

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ චෝදනාවක් තියෙනවා එක්සත් ජාතික පක්ෂය  කිසිම අවස්ථාවක බැදුම්කර කොමිසම සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. ජනාධිපතිතුමා ගත්ත එකත් හරියට  ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ කියලා ඊයෙත් අනුර කුමාර දිසානායක මහත්මයා කිව්වා. මොකක්ද මේ එල්ලවන චෝදනාව.

පිළිතුර

ඉතින් එය කතා කරකර ඉන්නවට වැඩිය ඒ අයට උසාවිය ඉදිරියේ දැන් අවුරුදු ගණනාවක් තියෙනවානේ. ඉතින් මෙච්චර ලොකු දෙයක් නම් උසාවිය නිහඩව ඉන්නවද. මං හිතන විදියට අවශ්‍ය ප්‍රමාණයට වැඩිය අඩබෙර ගහලා මුකුත් නැති තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. මට ඔබ මාධ්‍යයෙන් කොච්චර හිරිහැර කළාද. දැන් ඒක උසාවියෙන් ඔප්පු වෙලා තියෙනවානේ. ඉතින් මේ වගේ චරිත ඝාතන කරන්නේ නැතුව හරි දේ හොයලා බලලා කටයුතු කරන්න අවශ්‍යයයි. නැත්නම් අපේ රටේ දේශපාලනයට ලොකු ප්‍රශ්ණයක් ඇති වෙනවා.

ප්‍රශ්ණය

නමුත් අගමැතිතුමාගේ යාළුවෙක්ගේ  මිත්‍රයෙක් විදියට හදුන්වා දීපු අර්ජුන මහේන්ද්‍රන් මහතා තවම ලංකාවට ගෙනත් නැහැ.

පිළිතුර

මම දන්නේ නැහැනේ එතන ක්‍රියාදාමය. ගේනවද නැද්ද මම නෙමෙයිනේ ආගමන විගමන භාරව සිටින්නේ. මම හිතන විදියට ඕවත් නීතිය ඉදිරියේ හරියාකාරව සිදු වෙන්න ඕන.

 

t

o

p