රටේම දුෂණ හොයන පාදෙණියගේ දුෂණ හොයන්නයි සෞඛ්‍ය අැමතිට ඉල්ලීමක්

March 1, 2019

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පිළිබදව ලැබි ඇති තොරතුරු අනුව සිදු කර ඇතැයි පැවසෙන අක්‍රමිකතා ,වංචා සහ දුෂණ පිළිබදව වාර්ථාවක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් ‌බෙල්ලන මහතා ඇතුලු සාමාජිකයින් විසින් සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට සෞඛ්‍ය අමාත්‍යංශයේ දි ඊයේ  (28) දින භාර දෙන ලදි.
අක්‍රමිකතා,දුෂණ හා වංචා 11කින් සමන්විත මෙම වාර්ථාව පිළිබදව විධිමත් විභාගයක් පවත්වන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරින්ගේසංසදයේ නිළධාරින් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.මෙම වාර්තාව භාරදිමේන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා සමග එම සංගමයේ නිළධාරින් සාකච්ඡාක් පවත්ව න ලදි. එහිදි තිරු බදු රහිත වාහන බලපත්‍රය ලබා දිම සහ විවේක කාල රාජකාරි බාධා සහ පැමිණ සිටිමේ හා ප්‍රවාහන දීමනාව පිළිබද සාකච්ඡා කල අතර එම ඉල්ලීම් දෙකට මෙවර අය වැයෙන් සාධාරණත්වය ඉටු කිරිමට තමන් අවශ්‍ය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.


වෛද්‍යවරුන්ගේ අතිකාල දීමනා පැය ගණන වැඩි කිරිමටත් නිවාඩු දින දීමනා පහක් බවට වැඩි කිරිමටත් අවශ්‍ය පියවර ගන්නා බව පැවසු සෞඛ්‍ය අමාත්‍යවරයා වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සාකච්ඡා මාර්ගයෙන් විසදීම තම අරමුණ බව කියා සිටියේය. වෛද්‍යවරුන්ගේ පාලන සහ වෛද්‍ය පශ්චාත් උපාධි අධ්‍යාපන කටයූතු වල ගැටළු රැසකට මෙම සාකච්ඡාවේ දී විසදුම් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගත්තේය. වෛද්‍යවරුන්ගේ දරුවන් සදහා පාසල් ලබා දීම,සිමා වාසික පත්වීම් ලබා දීම, වැනි කරුණු පිළිබදව මෙහිදි සාකච්ඡා කරන ලදි.


මෙම අවස්ථාවට රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ල ලේකම් නිරෝෂන් ප්‍රේමරත්න ඇතුළු සමාජිකයින් රැසක් සහභාගි වුහ.

Dr Rukshan bellana LNP 2

t

o

p