සාමය වෙනුවෙන් ඉන්දිය ගුවන් නියමුවා නිදහස් කරන බව ඉම්රාන් ඛාන් කියයි

March 1, 2019

සාමය සඳහා වන පියවරක් වශයෙන් ඉන්දීය ගුවන් හමුදා නියමුවා හෙට දිනයේදී නිදහස් කරන බව පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) ප්‍රකාශ කරතිබේ.

ඉන්දියාව හා පාකිස්ථානය අතර ඇති වී තිබෙන ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීම සදහා ගුවන් නියමුවා ඉන්දීය රජය වෙත භාරදීමට පාකිස්තානය සූදානම් බව පාකිස්තානු විදේශ කටයුතු අමාත්‍යංයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඉකුත් බදාදා දිනයේදී පාකිස්තාන එෆ් 16 ජෙට් යානයට ප්‍රහාරයක් එල්ල කළ ඉන්දීය මිග් 21 ගුවන් යානයේ නියමුවා මෙලෙසින් ඉන්දීය රජය භාරයට පත්කිරීමට පාකිස්තනය තීරණය කර තිබේ.‍

අගාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ තීරණයට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය රජය ප්‍රකාශ කළේ ගුවන් නියමුවා සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් ගැනීම සුරක්ෂිත පියවරක් බවයි.

මෙම අවස්ථාව තානාපතිවරයකු මාර්ගයෙන්  සිදුකිරීමට බලාපොරොත්තු නොවන බව ද ඉන්දීය රජය  පවසයි.

t

o

p