ඉන්දු පකිස්ථාන ගැටුම දුරදිග යයි ගුවන් නියමුවා නිදහස් කර ගන්නා බව ඉන්දියාව කියයි

February 28, 2019

පකිස්ථානයේ හමුදා අත්අඩංගුවේ සිටින ඉන්දිය ප්‍රහාරක ගුවන් නියමුවා නිදහස් කරන ලෙස ඉන්දියාව පාකිස්ථාන රජයෙන් ඉල්ලා තිබේ.

ඉන්දියාව යටතේ පාලනය වන කාශ්මිරයේ හා පාකිස්ථානය යටතේ පාලනය වන කාශ්මිරයේ (ජම්මු හා කාශ්මිර දේශසිමා) වල මේ දිනවල යුද ගැටුම් තත්වයක් හටගෙන තිබේ.

ඉන්දිය හමුදාව විසින් ඉකුත් 26 දා පාකිස්ථානයේ පුල්වාමා වලට ගුවන් ප්‍රහාරයක් එල්ල කරන ලදි.ඊට ප්‍රතිප්‍රහාරයක් ලෙස පාකිස්තානය ඊයේ ඉන්දිය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් බිම හෙලිය.එහිදි එක් ගුවන් නියමුවෙක් වන වින්ග් කමාන්ඩර් අභිනන්දන් යන අය පාකිස්ථාන හමුදා අත්අඩංගුවට පත් විය.

ඉන්දිය රජය පළමුව මෙම ප්‍රහාරක යානා කඩා වැටිම සිදු වුයේ කාර්මික දෝෂයකින් බව ප්‍රකාශ කල නමුත් පසුව පාකිස්ථාන ප්‍රහාර නිසා වුවක් බව පිලිගත්හ.ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද දින ඉන්දිය ත්‍රිවිධ හමුදාපතිවරුන් හමුවිමෙන් පසු මෙම ඉල්ලිම පාකිස්ථානයෙන් කර ඇති බව විදේස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

දෙරට අතර අර්බුදය හටගත් අලුත්ම සිදුවිම වූයේ ඉන්දීය ආරක්ෂක අංශ ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඉන්දීය සොල්දාදුවන් 40 දෙනෙක් මිය යෑමෙන් පසු ඉන්දීයාව පාකිස්තානයේ පිහිටි ත්‍රස්ත කඳවුරු වෙත ප්‍රති ප්‍රහාර එල්ල කිරීමයි. 
Indu - pakisthan war 2 LNP

t

o

p