සිංහරාජ රක්ෂිතයේ මාර්ගය හදනවාට ලෝක බැංකුව ඉදිරිපිට විරෝධතා

February 21, 2019

ලෝක උරුමයක් වන සිංහරාජ අධි රක්ෂිතයේ පැවැත්මට බලපෑම් එල්ල වන පරිදි, පාරිසරික පනත් උල්ලංඝනය කරමින් නීතිවිරෝධී මාර්ගයක් ඉදිකිරීමට එරෙහිව සිංහරාජය සුරැකීම උදෙසා ජනතා පවුර විසින් ඊයේ (20) ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලය පිහිටි කොල්ලුපිටියේ, DFCC ගොඩනැගිල්ල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුණි.

එමෙන්ම මධ්‍යාහ්න 12 ට පරිසර අමාත්‍යාංශය පිහිටි බත්තරමුල්ල, රොබට් ගුණවර්ධන මාවතේ, සොබාදම් පියස ඉදිරිපිටදී ද විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

මෙම විරෝධතාවලට සමගාමීව යුනෙස්කෝ ලෝක උරුම පිළිබඳ මෙරට කටයුතු සම්බන්ධීකරණය කරන යුනෙස්කෝ ජාතික ලේකම් කාර්යාලයට, සිංහරාජයේ මෙම නීතිවිරෝධී ව්‍යාපෘතියට අවශ්‍ය ණය ලබා දෙන ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලයට, පරිසර අමාත්‍යාංශයට, මධ්‍යම පරිසර අධිකාරියට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට විරෝධතා ලිපි භාර දීම සිදුකර තිබේ

Sinharaja protest kollpetty LNP 2

t

o

p