ධිවර ක්‍ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැප වූ නිලධාරීන්ට සේවා සම්මාන

February 11, 2019

ධිවර ක්‍ෂේත්‍රය උන්නතිය වෙනුවෙන් ග්‍රාමීය ධීවර සංවිධාන නගාසිටුවීමට කරන ලද  කැපවීම ඇගයීමට ලක් කරමින් මිගමුව දිස්ත්‍රික් ධීවර කාර්යාලයේ නිලධාරීන්ට සම්මාන පිරිනැමීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි .

      ජාතික ධිවර මහා සම්මේලනයේ මිගමුව දිස්ත්‍රික් ධිවර සංවිධානයේ වාර්ෂික මහා සභාව හා නිලවරණය පැවති ඉකුත් 08 දින සිකුරාදා මෙම සම්මාන ප්‍රදානය සිදු කෙරුනේ  මිගමුව ධිවර වරායේ පිහිටි දිස්ත්‍රික් ධිවර සංවිධාන ප්‍රධාන  කාර්යාලයේදීය .

      මෙහිදී ජාතික ධිවර මහා සම්මේලනයේ පාලක ලේකම් සරත් අතපත්තු දිසානායක සහ මිගමුව සහකාර ධිවර අධ්‍යක්‍ෂක රංජිත් බණ්ඩාර මහත්වරුන්ද ඇගයීමට ලක් විණ .

      ඊට අමතරව මිගමුව ධිවර කාර්යාලයේ නිලධාරීන් සම්මානයෙන් පිදුම් ලැබුවේ ඔවුන් ධිවර ක්‍ෂේත්‍රය වෙනුවෙන් කළ කැපවීම ඇගයීම වෙනුවෙන් වන අතර මෙම සම්මාන ප්‍රදානය සංවිධානය කරනු ලැබුවේ මිගමුව දිස්ත්‍රික් ධිවර සංවිධානය විසිනි .

t

o

p