පාර්ලිමේන්තුවේ කිරිපිටි දෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ දෙන්නේ කල් කිරි – කතානායක

February 8, 2019

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව පල කරන ලද දැන්වීමක කිරි පිටි පරිභෝජනය කිරීමෙන් ලෙඩරෝග 21 ක් ඇති වන බව ප්‍රකාශ කර ඇති බව කර්මාන්ත හා වාණිජ නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවේදි අද (08) අද ප්‍රකාශ කළේය.

එවැනි තත්ත්වයක් තුළ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සෞඛ්‍ය ඇමතිවරයා නොමග යවා ඇතැයි ද නියෝජ්‍ය ඇමතිවරයා කීය.

කිරි පිටි සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේදි කළ ප්‍රකාශය නැවත නැවතත් එලෙසින්ම ප්‍රකාශ කරන බව පැවති නියෝජ්‍ය ඇමතිවරයා කිරි පිටි සම්බන්ධයෙන් පරික්ෂා කිරිමට තේරිම් කාරක සභාවක් පත් කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

විමල් වීරවංශ – කිරිපිටි සම්බන්ධයෙන් පරික්ෂා කරන්න තේරිම් කාරක සභාවක් ඉක්මණින් පත් කරන්න

කතානායක – ඔව් තේරිම් කාරක සභාවක් පත් කළාම බලමු

බුද්ධික පතිරණ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්‍රාම ගැනීමෙන් පසු කිරිපිටි සමාගමේ ඉහළ තනතුරක් දරනවා. ඒ වගේම සුරාබදු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් විශ්‍රාම ලැබු පසු, මත් වතුර සමාගමක ඉහළ තනතුරක් දරන තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

කිරි පිටිවල ප්‍රමිතිය බැලීම සදහා අධිතාක්ෂණ උපකරණ ලබා ගැනීමට මෙවර අය වැයෙන් මුදල් වෙන් කර දෙන ලෙස ඉල්ලනවා.

කතානායක – පාර්ලිමේන්තුවේ කිරි පිටි දෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ දෙන්නේ කල්කිරි කියලා ඔබතුමාලාට කියන්න ඕනා.

t

o

p