ගායක අමල්ගේ හා නළු රයන්ගේ නිවෙස් STF පරික්ෂාවට

February 8, 2019

මාකදුරේ මධුෂ්ඩු සමග ඩුබායිහි දී අත්අඩංගුවට පත් ගායන ශිල්පි අමල් පෙරේරාගේ නිවස හා රංගන ශිල්පී රයන් වැන්ඩන්ඩ්‍රස්ට්‍රායිගේ  නිවෙස් පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පරික්එෂා කොට තිබේ.

ගායන ශිල්පි අමල් පෙරේරාගේ මහරගම පිහිටි  නිවසේ තිබී කොකේන් ඔතන ලද කොපු දෙකක් පොලිස්අ ත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රංගන ශිල්පී රයන් වැන්ඩන්ඩ්‍රස්ට්‍රායිගේ දෙහිවල නිවස පරීක්ෂා කළ විශේෂ කාර්ය බළකාය ඔහුගේ සහෝදරයකු ද අත්අඩංගුවට ගෙන ඇත. සහෝදරයා අත්අඩංගුවට ගත්තේ කුඩා ඩිජිටල් තරාදියක් සහ රහස් සාක්කු සහිත කළු පැහැති ගමන්මල්ලක් එම නිවසේ තිබී හමුවූ නිසා බව පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඒකාබද්ධව මෙම මෙහෙයුම සිදු කර තිබේ.

t

o

p