මධුෂ් ඇල්ලීමේ තොරතුරු එළියට ගියේ කෙසේ දැයි සොයන්න මන්ත්‍රීවරු ඉල්ලයි

February 7, 2019

වසර තුනක් මුළුල්ලේ කරනු ලැබූ රහසිගත විමර්ශන මගින් මාකඳුරේ මධූෂ් අල්ලා ගැනීමට හැකි වුවත් අත් අඩංගුවට ගැනිමට අදාළ තොරතුරු කොළඹට එවිමත් සමගම ඒවා සියළු මාධ්‍ය සහ සමාජ ජාලාවලට ලැබීම ගැන සොයා බලන ලෙස ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට කරුණු දක්වා ඇත.
මාකඳුරේ මධූෂ් ඩුබායිහිදි අත් අඩංගුවට ගනු ලැබූ රහසිගත තොරතුරු පොලිස් දෙපාර්තමේන්තුවටත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් ඊට අදාළ අංශවලටත් දැනුම් දිමට පියවර ගෙන තිබිණි.
ඩුබායිහිදි කරනු ලැබු මෙහෙයුමට අදාළ තොරතුරු කොළඹට එවිමත් සමගම ඊට අදාළ කරුණු මාධ්‍ය සහ සමාජ ජාලා වෙත සුළු වේලාවක් ඇතුළතදී නිකුත් වී ඇතැයි මේ වන විට අනාවරණය කර ගෙන තිබේ.
කොළඹට එවූ රහස්‍ය තොරතුරු මාධ්‍ය සහ සමාජ ජාලා වෙත නිකුත් වීම හේතුවෙන් වර්ෂ 2017 සිට රහසිගතව විමර්ශන සිදු කළ නිලධාරීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිතැයි ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් හමුවේ අද (7) කරුණු දක්වනු ලැබිණි.
මාකඳුරේ මධූෂ් අත් අඩංගුවට ගැනිමට අදාළ ‍තොරතුරු පොලිස් දෙපාර්තමේන්තුව හරහා මාධ්‍ය සහ සමාජ ජාලාවලට නිකුත් වුයේ නම් ඉකුත් වසර තුනේම රහසිගතව පැවති අත්අඩංගුවට ගැනීමේ තොරතුරු පොලිස් දෙපාර්තමේන්තුව තුළින් පිටතට නොගිය බව තහවුරු වන්නේ යැයිද ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ට පෙන්වා දුන්හ.
අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව කොළඹට ලැබුණු තොරතුරු පිටවිම ගැන පොලිස් දෙපාර්තමේන්තු භාර ජනාධිපති මෛත්‍රිපාල සිරි‍සේන මහතාටද කරුණු ඉදිරිපත් කිරිමට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරු තීරණය කර තිබේ.

t

o

p