අතුරුදහන් වූ පුද්ගලයින් පිළිබඳ කොමිසමේ විමර්ශන කාලපරිච්ඡේදය 1983 සිට 2009 දක්වා සංශෝධනය කෙරේ

March 26, 2014

LLRC Sinhalaඋතුරු හා නැගෙනහිර පළාත්වලින් අතුරුදහන් වූවා යැයි පැවසෙන පුද්ගලයින් සම්බන්ධ පැමිණිලි විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ විමර්ශන කාල රාමුව 1983 සිට 2009 දක්වා කාලපරිච්ඡේදය ආවරණය වනසේ සංශෝධනය කර ඇත. මින් පෙර මෙහි කාල පරිච්ඡේදය වූයේ 1990 සිට 2009 දක්වාය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නියමයෙන් පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධිවිධානයන්ට අනුකූලව මීට අදාළ ගැසට් නිවේදනය ඊයේ (මාර්තු 25) නිකුත් කරනු ලැබීය.

“විමර්ශන කාලපරිච්ඡේදයේ වෙනස් වීම අපි අගය කරනවා” කොමිසමේ ලේකම් එච්.ඩබ්. ගුණදාස මහතා පැවසීය. යාපනය, කිලිනොච්චි හා මඩකළපුවේ අපි සංචාරය කළ අවස්ථාවන්හිදී වෙනත් සංවිධානවල ක්‍රියාකරකම් පිළිබඳව අපිට පැමිණිලි ලැබුණා. අපට ලබා දී ඇති වරම වූයේ 1990 – 2009 කාලය අතරතුර සිදුවීම් විමර්ශනය කිරීම හෙයින් මේ පැමිණිලි පිළිගැනීමේ හැකියාවක් තිබුණේ නැ.

මැක්ස්වෙල් පරාක්‍රම පරණගම (සභාපති) දිමිංගු බඩතුරුගේ ප්‍රියන්ති සුරංජනා විද්‍යාරත්න සහ මනෝ රාමනාදන් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත වූ ත්‍රී පුද්ගල කමිටුවට විමර්ශනය කිරීමට හා අවශ්‍ය පරීක්ෂණ පැවැත්වීමට බලය ලබා දී ඇති අතර කොමිසම විසින් ඒ සම්බන්ධ වාර්තාවක් ජනාධිපතිතුමාට ඉදිරිපත් කරනු ලැබිය යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් කොමිසමේ ධූර කාලය 2014 අගෝස්තු දක්වා තවත් සය මසකින් දීර්ඝ කරන ලදී.

“සිංහල, දෙමළ හා ඉංග්‍රීසි පුවත්පත්වල අප විසින් පළ කළ මහජන නිවේදනයන්ට ප්‍රතිචාර ලෙස දිවයිනේ සියලු පළාත්වලින් මේ වන විට අපිට පැමිණිලි 16,000ක් පමණ ලැබී තිබෙනවා”, කොමිසමේ සභාපති පරණගම මහතා පැවසීය. “අපගේ චාරිකාවලදී අපිට සාමාන්‍යයෙන් නව පැමිණිලි 300 – 400ක් පමණ ලැඛෙනවා, මහජනයාගේ ප්‍රතිචාර යහපත්”. යැයි ඔහු කීය.

G 19002   I - I  S. Pre. Appo..pmd

 

The Editor

Previous story Next story

Leave a comment

t

o

p