විමල් සොරාගත් බව ඔප්පු වෙයි

January 11, 2019

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට කොළඹ වාණිජ මහාධිකරණ අද නියෝග කළේය.

 

වීරවංශ මහතා විසින් රචිත “නැත්ත වෙනුවට ඇත්ත” යන ග්‍රන්ථය මගින් බුද්ධිමය දේපළ පනත යටතේ තම අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් ටිල්වින් සිල්වා මහතා ගොනු කර තිබූ නඩුවක තීන්දුව ලබාදෙමින් අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.
තමා විසින් පක්ෂ විධායක මණ්ඩලයට ඉදිරිපත් කළ අදහස් හා යෝජනා ඇතුළත් කර විමල් වීරවංශ මහතා ‘නැත්ත වෙනුවට ඇත්ත‘ ග්‍රන්ථය ප්‍රකාශයට පත් කර ඇති බව ටිල්වින් සිල්වා මහතා අධිකරණයට ප්‍රකාශ කර තිබුණි.
නඩුව දීර්ඝ කාලයක් විභාගය කළ කොළඹ වාණිජ මහාධිකරණය අද එහි තීන්දුව ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ බුද්ධිමය දේපල පනත යටතේ “නැත්ත වෙනුවට ඇත්ත” ග්‍රන්ථයේ සැබෑ අයිතිය හිමිවිය යුත්තේ විමල් වීරවංශ මහතාට නොව ටිල්වින් සිල්වා මහතාට බවයි.
ඒ අනුව ටිල්වින් සිල්වා මහතාට රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා නියෝගය කළ අතර එම කෘතිය ප්‍රසිද්ධියට පත් කිරිම ද තහනම් කරන ලදී.

t

o

p