නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවාද නැතිද තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත

January 11, 2019

ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවාද නැතිද යන්න පිළිබඳව අවසන් තීරණය ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පැවරීමට රජය තීරණය කර තිබේ.
රජය ඉහත තීරණයට එළැඹඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුවය.
ශ්‍රී ලංකාවේ නව ආ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ විශේෂඥයින්ගේ, දේශපාලන පක්ෂවල උගතුන්ගේ හා සිවිල් සංවිධාන ක්‍රියාකාරින්ගේ වාර්තාද සමඟය.
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ලෙස රැස්වූ පසු ඊට ඉදිරිපත් කිරිමට යෝජනා කෙරෙනු ඇත.
පාර්ලිමේන්තුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් ලෙස රැස්වෙන අතර එහි සභාපතිත්වය උසුලනු ලබන්නේ කතානායක කරු ජයසූරිය මහතා විසිනි.
ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත හා සියළු වාර්තා සැලකිල්ලට ගෙන නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ව්‍යවස්ථාදායක සභාව කීවොත් එය ඉදිරියට ගෙන යන බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය නොවන බව ව්‍යවස්ථාදායක සභාව කීවොත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමේ කටයුත්ත නවත් දමන බවත් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙකු කීවේය.

t

o

p