සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රතිලාභ ඉහලට

January 9, 2019

සුරක්ෂා රක්ෂණාවරණය 2019 වසර සඳහා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අනුමැතිය පසුගිය දා පැවති කැබිනට් මණ්ඩලයේ දී හිමි විය.

පසුගිය වසරේ දී (2018) සුරක්ෂා රක්ෂණාවරණය ලබාදීමේ දී ලද අත්දැකීම් සැළකිල්ලට ගනිමින් රජයට අවම වියදමක් දරා සිසුන්ට වැඩි ප්‍රතිලාභ හිමිවන පරිදි  2018/19 වර්ෂය සදහා නව යෝජනා ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීම අනුව අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු යොදනු  ලැබිණි.

ඒ අනුව 2018/19 වර්ෂයේ දී  රෝහල් ගත වීමක දී රු. 200,000 ක් ද රජයේ රෝහලක හෝ රජයේ ආයුර්වේද රෝහලක නොගෙවන වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබන අවස්ථාවක දී රු.3,000 ක  දෛනික දීමනාවක් ද  බාහිර ප්‍රතිකාරවලදී රු. 20,000 ක් ද මාපියන් හෝ භාරකරු වියෝවකදී එක් අයෙකු සඳහා රු. 200,000 ක් ද ශිෂ්‍ය වියෝවකදී අවමංගල්‍යය කටයුතු වෙනුවෙන් රු. 150,000 ක් ද පුර්ණ හා සදාකාලීක අබලතා සදහා වාර්ෂිකව රු. 50,000 සිට රු. 200,000 ක් ද අසාධ්‍ය රෝග ආවරණය යටතේ රු. 200,000 ක්  ලෙස ද සිසුන්ට සහ මාපියන්ට ප්‍රතිලාභ  හිමිවෙයි

t

o

p