නීති විරෝධී දුම්වැටි අලෙවියෙන් රු.බි.18ක බදු ආදයමක් අහිමිවෙයි

January 8, 2019

නීති විරෝධි දුම්වැටි මෙරට අලෙවි කිරිම තුළින් රජයට රුපියල් බිලියන 18 ක බදු ආදායමක් 2018 වර්ෂයේදී අහිමි වී ඇතැයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පිරිසක් ඊයේ (07) එළි දැක්වූ පර්යේෂණ වාර්තාවක සඳහන්වේ.
ශ්‍රී ලංකාවට 2018 වර්ෂයේදි පමණක් නිති විරෝධි දුම්වැටි මිලියන 583 ක සංඛ්‍යාවක් ඇතුළු වී ඇතැයිද එය ශ්‍රී ලංකාවේ සමස්ත දුම්කොළ නිෂ්පාදන වෙළෙද ‍පොලෙන් 15.57 ක් බවද නිති විරෝධි දුම්වැටි වෙළෙද ‍පොල සම්බන්ධයෙන් කළ සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.
ශ්‍රී ලංකාවේ නීති විරෝධි දුම්වැටි ජාවාරම හා එමගින් අහිමි වන බදු මුදල් පිළිබඳ පදනම් අධ්‍යයනය මැයෙන් මෙම සමීක්ෂණය ආචාර්ය එස්.එන්. මොරායිස් (සමාජ අධ්‍යයන අංශය – ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය), මහාචාර්ය එස්.එස්. කොළඹගේ (සමාජ අධ්‍යයන අංශය – ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය) ආචාර්ය සී.එන්. වික්‍රමසිංහ (වානිජ සහ මූල්‍ය කළමනාකරණ අධ්‍යයන අංශය – කැළණිය විශ්ව විද්‍යාලය) යන මහත්වරුන් විසින් 2018 මාර්තු මස සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ පවත්වා තීබේ.
එම සමීක්ෂණ වාර්තාව නාවල විශ්ව විද්‍යාලයේදි එළිදැක්වූ අතර ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා ‍පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ නිලධාරින් ද එක්ව සිටියහ. නිති විරෝධි දුම්වැටි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ආචාර්යවරුන් පිරිසක් කළ ආර්ථික විද්‍යාත්මක පළමු සමීක්ෂණ වාර්තාව මෙය බව කැළණිය විශ්ව විද්‍යාලයේ කතිකාචාර්ය ආචාර්ය සී.එන්. වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
සිගරට් කොට, පැකට් එකතු කිරිමෙන් සහ දුම්බොන්නන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා මගින් මෙලෙස නිති විරෝධි දුම්වැටි අලෙවිය වැඩිවී ඇති බවට සමික්ෂණ වාර්තාවෙන් හෙළි දරව් වී තිබේ.
මෙම තත්ත්වය වෙනස් කිරිමට නම් දුම්වැටි කර්මාන්තය සම්බන්ධයෙන් දැනටමත් පවතින අපරාධ නීති ක්‍රියාමක කිරිම, නීති විරෝධි දුම්කොළ නිෂ්පාදන මොරටට රැගෙන ඒම සහ අලෙවි කිරිම වැළැක්වීම සඳහා දැඩි දඩුවම් පැමිණවිය හැකි ආකාරයට නීති රීති ශක්තිමත් කිරිම, එක්සත් කිරණ ස්කෑනර් යන්ත්‍ර, එන්ඩස්කෝප්, රාත්‍රී දර්ශන උපාංග සහ දියුණු කැමරා වැනි නීති විරෝධි භාණ් හදුනාගැනීමට උපකාරී වන අති නවීන උපාංග ලබාදෙමින් රේගුවේ යටිතල පහසුකම් දියුණු කිරිම, නීති විරෝධි දුම්වැටි මෙරටට රැගෙන ඒම සහ අලෙවි කිරිම පාලනය කළ හැකි වන ආකාරයට ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ ‍පොලීසිය යනාදී නීතිය ක්‍රියාත්මක කරන ස්ථානවල සේවය කරන නිලධාරීන්ට දැනුම හා පුහුණුව ලබාදිම යනාදි දේ කළ යුතු බවටද මෙම වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

t

o

p