නාමල් කුමාරට තහනම් නියෝගයක්

January 4, 2019

දුෂණ විරෝධී බලකායේ අධ්‍යක්ෂක නාමල් කුමාරට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීම වළක්වාලමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද (04) නියෝග කර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයෙන් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරව මෙම නියෝගය නිකුත් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ නාමල් කුමාර විවිධ අවස්ථා වලදී මාධ්‍ය වෙත සිදුකරනු ලබන ප්‍රකාශ හේතුවෙන් සිය විමර්ශන වලට බාධා මතුව ඇති බවයි.

t

o

p