බහුතරය ඇති රනිල් සමඟ වැඩ කළ නොහැකි නම් ජනපති කළ යුත්තේ තම තනතුර හැර යාමයි

December 4, 2018

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සදහන් කරන ආකාරයට රනිල් වික‍්‍රමසිංහ මහතා සමග වැඩකිරීමට නොහැකිනම් කල  යුත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යධුරයට පත් නොකර සිටීම නොව තම ජනාධිපතිකම අතහැර යාම යැයිද  මහනුවර දිස්ත‍්‍රික්  පාර්ලිමේන්තු මන්ත‍්‍රී  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා අග‍්‍රාමාත්‍යවරයා පත්කිරීමට සිටින ස්ථාවරයට අනුව ස්වාධීනව පාර්ලිමේන්තුවට පත්වූ මන්ත‍්‍රිීවරයෙකුට වුවත් අග‍්‍රාමාත්‍යධුරය ලබා ගැනීමට හිමිකම ලැබෙතැයි කිරිඇල්ල මහතා පැවැසීය.
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සදහන් වනනේ ජනාධිපතිට ලැදි හිතවත් හීලෑ පුද්ගලයා අගමැති බවට පත්කිරීම නොව පාර්ලිමේන්තුවේ  බහුතර සහාය හිමිවන තැනැත්තා අග‍්‍රාමාත්‍යධුරයට පත්කළයුතු  බව යැයිද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.
ඞී. බී විජේතුංග  මහතා විධායක ජනාධිපතවරයා වශයෙන් තම පක්ෂයේ ප‍්‍රතිවාදිනිය වූ  චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියත් චන්දු‍්‍රකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය ප‍්‍රතිවාදියා වූ  රනිල් වික‍්‍රමසිංහ මහතාත් අග‍්‍රාමාත්‍ය ධුර වලට පත් කළේ පුද්ගලික හිතවත් හෝ අමනාපකම් මත නොව ආණ්්ඩුක‍්‍රම වයවස්ථාවේ  ප‍්‍රතිපාදන අනුව බව යැයිද කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීවේය.
මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අභිමතයට මේ අවස්ථාවේදි ඉඩදුනහොත් එය පූර්වාදර්ශයක්  කරමින් අනාගතයේ පත්වන ස්වාධීන පුද්ගලයකුට වුවද ශ්‍රී   ලංකාවේ අග‍්‍රාමාත්‍යධුරයට  පත්වීමට හැකිවෙතැයිද  ලක්ෂ්මන්  කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කළේය.
මෛත‍්‍රිපාල  සිරිසේන මහතාගේ පෞද්ගලික ආශාව සහ අවශ්‍යතාවය මත අග‍්‍රාමාත්‍යවරයා නම්කිරිමට එක්සත් ජාතික පෙරමුණ කිසිලෙසකින්වත් සූදානම් නැතැයිද  කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසිය.

t

o

p