ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලබන 5 තෙක් රිමාන්ඩ්

November 29, 2018

හිටපු නාවුක හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාව ලබන 5 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (28) පස්වරුවේ නියෝග කළේය.

තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැත්තාව අත්අඩංගුවට පත් නොවී සිටීමට රැකවරණ දීම හා ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනාව විජේගුණරත්න මහතාට එල්ල වී තිබේ.

මේ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අධිකරණයට පැමිණ නැවත පිටව යන අවස්ථාවේ එම අවස්ථාව ආවරණය කිරීම සඳහා ගොස් සිටි විද්‍යුත් හා මුද්‍රත මාධ්‍යවේදීන්ට ගුණරත්න මහතාගේ ආරක්ෂකයින් යැයි කියා ගන්නා පිරිසකගෙන් පහර දීමක් සිදු කර තිබෙන බවද වාර්තා වේ.

t

o

p