ආණ්ඩුවක් නැහැ… රට අරාජිකයි ; රාජ්‍ය අංශයේ ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක්

November 28, 2018

රාජ්‍ය අංශයේ ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරිමට එක්සත් ජාතික පෙරමුණ තිරණය කර ඇත.

එක්සත් ජාතික පෙරමුණ ගෙන ඇති තිරණය අනුව විශ්ව විද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන සේවක, හෙද, ප්‍රවාහන, දුම්රිය සේවා, තැපැල්, ජල සම්පාදන, විදුලි බල, ඛනිජ තෙල්, වරාය හා ගුවන් තොටුපොල ආදි ක්ෂේත්‍ර ප්‍රධාන වශයෙන්ම මහා වැඩ වර්ජනයට සම්බන්ධ කර ගැනීමට අපේකෂිතය.

ආණ්ඩුවක් නැහැ… රට අරාජිකයි යන සටන් පා‍ඨය යටතේ කරන මහා වැඩවර්ජනය වැඩකරන දිනක වරුවක කාලයක් ඉහත ක්ෂේත්‍ර අකර්මන්‍ය කිරිමට කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණ සදහන් කළේය.

අගමැති වැය ශිර්ෂය අත්හිටුවීමේ තින්දුවෙන් පසු මහා වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පෙරමුණ සදහන් කළේය.

දින භාගයක වැඩ වර්ජනයෙන් පසු සම්පූර්ණ දවසම මහා වැඩ වර්ජනයක් කරන බවද එම පෙරමුණේ ප්‍රකාශකයකු පැවසීය.

 

t

o

p