මහින්දගේ නැති බහුතරය පෙන්වීමට ලංකාදීප හා දේශය පුවත්පත් අසාර්ථක උත්සාහයක

November 4, 2018

විජය පුවත්පත් සමාගමේ ඉරිදා ලංකාදිප පුවත්පත දේශය පුවත් පත හොර අගමැති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ බහුතරය නැති බවට ජනතාව ඉදිරියේ තහවුරු වි ඇති මොහොතේ ඔහුට බලය ඇතැයි පෙන්විමට අසාර්තක උත්සාහයක නිරත වෙමින් සිටියි.
අද (04) පලවු දේශය හා ඉරිදා ලංකාදිප පුවත් පත්වල ප්‍රධාන සිරස්තලයන්ගෙන් එය පැහැදිලිවේ.  රවුෆ් හකිම් හා රිෂාඩ් බදියුදින් තවමත් වැට උඩ යනුවෙන් ඔවුන් සිරස්තල පළ කලේ ජනතාව මුලාවට පත් කිරිම උදෙසාය.

හොර අගමැති මහින්ද රාජපක්ෂගේ උපදෙස් මත මේ ප්‍රවෘත්තිය නිර්මාණය කලේ දේශය කර්තෘ රංජිත් ආනන්ද ජයසිංහ විසිනි. ඊට ලංකාදිප අධ්‍යක්ෂවරයෙකු වන සිරි රණසිංහගේද සහා ලැබි ඇත.

රිෂාඩ් බදියුදින් හා රාවුෆ් හකිම් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පලකර සිටියදි එය කඩාකප්පල් කිරිමට මෙම පුවත් පත් උත්සාහ කරමින් සිටිම ස්වාධින මාධ්‍යවේදින් පිළිකුලෙන් හෙලා දකියි.

t

o

p