බහුතරය පෙන්වීමට එන ශ්‍රීලනිප මන්ත්‍රීන්ට තම අමාත්‍යධූර දෙන්න එජාපයෙන් එකඟතාවක්

October 30, 2018

රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විම සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් තමන්ගේ අමාත්‍යධූර කැප කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන් එකඟත්වය පළ කළ බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්විමෙන් පසුව යහපාලනය සදහා වන එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව පිහිටුවිමට කටයුතු කරන බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහි පක්ෂ නායකයින්ට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පැමිණෙන මන්ත්‍රීවරුන්ට කැබිනට් අමාත්‍යධූර දීමට එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු එකඟතාවය පළ කළ බවද කීවේය.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ගැනිමේ වගකීම දැනටමත් බාරගෙන ඇතැයිද සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

t

o

p