තමන් සැක නොකර තමාව විශ්වාස කරන අගමැති මෝදි ශ්‍රී ලංකා රජයට දැනුම් දෙයි

October 25, 2018

කුමන ආකාරයකින්වත් තමා කෙරෙහි සැකයක් තබා නොගන්නා ලෙසත් හැමවිටම තමාව විශ්වාසකර වැඩකරනා ලෙසත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකා රජයට රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ දැනුම්දීමක් කර තිබේ.
ජාත්‍යන්තර වශයෙන් ඉන්දිය රජය වැඩිම වැඩකොටස ශ්‍රී ලංකාව වෙනුවෙන් කර තිබියදීත් තමා කෙරෙහි අවිශ්වාසයක් තබාගැනීමට කිසිදු හේතුවක් නැතැයිද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වැඩිදුරටත් ශ්‍රී ලංකා රජයට දැනුම් දි ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ දැනුම්දීම කරනු ලැබූවේ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස නවදිල්ලි නුවර හයිද්‍රබාද් මන්දිරයේදි හමුවු අවස්ථාවේදීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විදේශ අමාත්‍යාංශ නිලධාරින් සහභාගී වු භෝජන සංග්‍රහයේදි නරේන්ද්‍ර මෝදි මහතා ඉතාම සංවේදිව ඉහත කරනු සැලකර සිටියේය.
භාරතීය ජනතා පක්ෂ පාලනය යටතේ පිටරටක් වෙනුවෙන් ඉන්දියාව වැඩිම වැඩකොටස කරනු ලැබූවේ ශ්‍රී ලංකාවට බව සඳහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉදිරියටත් විශාල වැඩකොටසක් කිරිමට ඇතැයි ද ප්‍රකාශ කළේය.
ගැටලූ ඇති අවස්ථාවලදී දිගටම කතා කරමු යැයි කී නරේන්ද්‍ර මෝදි මහතා ඉදිරියටත් ශ්‍රී ලංකාවට උදව් කරන බවද සඳහන් කළේය.
ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මහතා දුන් රාජ්‍ය තාන්ත්‍රික පණිවුඩය දිවයිනට පැමිණි වහාම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සැලකර සිටියේය.

t

o

p