චීන හා හොංකොං අතර ඉදිවු ලොව දිගම මුහුදු පාලම ජනතා අයිතියට

October 24, 2018

චීනය හා හොංකොං සම්බන්ධ කරමින් ඉදිකෙරුණු ලොව දිගින් වැඩිම මුහුදු පාලම චීන ජනාධිපති ෂි ජින් පින් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) විවෘත කර තිබේ.

මංතීරු හයකින් යුත් මෙම පාලම කිලෝ මීටර 55 ක දිගකින් යුක්ත වේ. 2009 දී ඉදිකිරීම් අරඹා ඇති මෙම පාලම ඉකුත් 2016 දී විවෘත කිරීමට නියමිතව තිබුණද යම් යම් හේතු මත එය විවෘත කිරීම කල්ගත වී ඇත. ඇමෙරිකානු ඩොලර් බිලියන 20 ක් වැයවී ඇති මෙම මුහුදු පාලම ඉදිකිරීම තුළින් මීට පෙර පැය 3 ක් ගතවූ හොංකොං හා චීනයේ ජුහයි නගර ගමනාගමන කටයුතු මිනිත්තු 30 ක් වැනි සුළු කාලයක් දක්වා කෙටි වී ඇතැයි පැවැසේ.

මුහුදු පාලම ඉදිකිරීම සඳහා යකඩ ටොන් 4,00,000 ක් යොදාගෙන ඇති අතර මැග්නිටියුඩ් 8 ක් තරම් අධික භූ කම්පනයක් හෝ දරුණු සුළු කුණාටුවකට වුවද ඔරොත්තු දෙන ලෙස එය ශක්තිමත්ව ඉදිකර ඇත.

මෙම මුහුදු පාලම ඉදි කිරීමේදී අවසනාවන්ත ලෙස මරණ 9 වාර්තා වී ඇත..එමෙන්ම 600 දෙනෙකු පමණ අනතුරට පත් වී ඇත…ඔවුන් අනාගත පරපුරට සුඛිත කිරීම සදහා කැප කිරීම් සිදුකල පිරිසක් ලෙස ඉතිහාස ගත වනු ඇත. මෙම මුහුදු පාලම ඉදිකිරීමේ වැඩි වාසිය චීනයට ලැබෙනු ඇත,මන්ද හොංකොං වාසීන් මැකවු වාසීන් චීනයට ගමන් කරන වෙනුවට චීන වාසීන් විශාල ලෙස මෙම දේශයන්ට පැමිණෙනු ඇත.
හොංකොං හා මැකවු නැවත තම ප්‍රධාන මව් බිමට තවත් සමීප කර ගැනීමේ චීන ව්‍යපෘතියක් ලෙස ද සමහරුන් මෙය අර්ථ දකවමින් සිටියි. හොංකොං දේශය බ්‍රිතාන්‍යට වසර වසර 99 ක් බදු දී තිබු පසුව 1997 දී නැවත චීනයට පවර දීමේදී හොංකොං දේශයට වෙනම විශේෂ පාලන ක්‍රමයක් ලබා දීමට චීනය විසින් ගිවිසුම් අත්සන් කර ඇත. එමෙන්ම මැකවු රාජ්‍යත් පෘතුග්‍රීසින්ට යටත්ව තිබු නමුදු පසුව 1999 චීනයට පවරා දුන් රාජ්‍යක් වන අතර එසේ පවරා දීමේදී හොංකොං දේශයට මෙන්ම විශේෂ පාලන ක්‍රමයක් මැකවු රාජ්‍යටත් ලබා දීමට 1987 දී පෘතුග්‍රලය සමග චීනය ගිවිසුම් අත්සන් කර ඇත.
බ්‍රිතාන්‍ය හා පෘතුග්‍රලය සමග චීනය අත්සන් කල විශේෂ ගිවිසුම් වලින් පසුව , හොංකොං හා මැකවු දේශ චීනයට අයත් වූ නමුදු, විශේෂ පාලන ක්‍රමයන් ඒ දේශවලට හිමි වී ඇත. එහෙත් ඉදි වූ මෙම හොංකොං හා චීනයේ ජුහයි අතර මුහුදු පාලම හේතුවෙන් හොංකොං හා මැකවු නැවතත් චීනයට මහාමාර්ග මගින් සම්බන්ද වීම සටහන් වෙමින්ම චීනයට වඩාත් සමීප කරගෙන ඇත.
කුමන තත්වයන් මත මෙය ඉදි ,වුවත් , මෙය නිමවූ තවත් අපුර්ව නිර්මාණයකි.

t

o

p