තායිවානයේ දුම්රිය අනතුරකින් 18ක් මරුට 170කට තුවාල

October 22, 2018

ඊසාන දිග තායිවානයේ මගීන් 366 ක් සමඟ ගමන් ගත් මගී දුම්රියක් යිලාන් දිස්ත්‍රික්කය හරහා ගමන් කරන විට දී වූ හදිසි පීලි පැනීමෙන් මගීන් 18 ක් මිය ගොස් 170 කට බරපතළ තුවාල සිදු වී ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම අනතුරට පත් දුම්රිය පුයුමා සීඝ්‍රගාමී 6432 වර්ගයට අයත් මගී දුම්රියකි. මෙම දුම්රිය වසර 8ක් නොකඩවා ධාවනය වී ඇති අතර ඉතා හොඳ තත්වයේ පැවති බවට සඳහන් ය. කෙසේවෙතත් මෙම දුම්රිය පීලි පැනීමෙන් එහි දුම්රිය පෙට්ටි 8ක් දුම්රිය මාර්ගයෙන් ඉවතට ගොස් ඇති අතර ඒවා ඉවත් කිරීම‍ට සහන කණ්ඩායම්, ගිනි නිවන භටයින් හා ආරක්ෂක භටයින්  120 ක් යොදවා ඇත.

t

o

p