ගාලු තරඟයෙන් පසු රංගන ටෙස්ට් පිටියෙන් සමුගනී

October 22, 2018

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන සුපිරි ක්‍රිඩකයෙකු වන රංගන හේරත් සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර ඇත.

1978 වර්ෂයේ මාර්තු මස 19 දින කුරුණෑගල දී උපත ලද හේරත් මුදියන්සේලාගේ රංගනාත කීර්ති බණ්ඩාර හේරත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් ලබාගත්තේ 1999 වර්ෂයේ සැප්තැම්බර් මස 22 දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිවය.

ඔහු එක්දින වරම් දිනාගත්තේ 2004 වසරේ අප්‍රේල් මස 25 දින හරාරේ හීදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය.

රංගන හේරත් ලොව හොඳම පන්දු යවන්ගේ ලැයිස්තුවේ 10වන ස්ථායයේ තම නම රඳවාගෙන සිටියි.

t

o

p