ඉන්දීය සංචාරයේ සම්පුර්ණ වාර්තාව අගමැති රනිල් ජනපතිට බාර දෙයි

October 22, 2018

සිය ඉන්දීය නිල සංචාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත අද (22) දහවල් ඉදිරිපත් කරන ලදි.
ඉන්දීය සංචාරයේදි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් සැල කළ කරුණු විශේෂයෙන්ම ජනාධිපතිවරයා වෙත වාර්තා කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ලැබීය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදි අද දහවල් පැවැත්විනි.
ජනාධිපති මෛත්‍රිපාලග සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පමණක් සහභාගී වූ ඉහත හමුව පැය භාගයකට ආසන්න කාලයක් පැවැති බව වාර්තාවේ.
ඉන්දීය නිල සංචාරයේදි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙන්ම ඉන්දිය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මහත්මිය සහ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති රාජ්නාත් සිං මහතා සමඟ හුවමාරු වූ අදහස් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සවිස්තරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත වාර්තා කරනු ලැබීය.
ඊට අමතරව රාහුල් ගාන්ධි මහතා ප්‍රමුඛ ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ හමුවී කළ සාකච්ඡාවේ කරුණු ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ හමුවේදි සව්ස්තරාත්මකව දැනුම් දුන් බවද වාර්තාවේ.

t

o

p