තෙවැනි එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට කඬුළු 7ක පරාජයක්

October 18, 2018

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පල්ලෙකැ‍ලේදී පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ එංගලන්තය තරගාවලිය 2-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත් විය. වර්ෂාව හේතුවෙන් පන්දුවාර 21 කට  සීමාවූ මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 21 දී කඩුලු 9 ට ලකුණු 150 ක් ලබාගත් අතර එංගලන්තය පන්දුවාර 18.3 කදී කඩුලු 3 ට ලකුණු 153 ක් ලබමින් ජය වාර්තා කළේය.

චන්දිමාල් පන්දු 42 කදී ලකුණු 34 ක් ලැබූ අතර ධනංජය (3) අසාර්ථක වීමෙන් පසු පිටියට පිවිසි දසුන් ශානක පන්දු 10 කදී ලකුණු 21 ක් රැස් කළේය.  රෂීඩ් ලකුණු 36 ට කඩුලු 4 ක් බිඳ හෙලූ අතර ටොම් කරන් ලකුණු 17 ට කඩුලු 3 ක් බිඳ හෙලීය. කුණු හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත ආරම්භක පිතිකරුවන් මාලිංගගේ පළමු පන්දුවාරයට ලකුණු 18 ක් ලබා සටන ඇරඹීය.

t

o

p