ජනපති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බදු දීම නැවතීමේ කතාව බොරුවක්

October 17, 2018

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදිම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේ මතය වූයේ ඉහත තීරණය සතියක කාලයක් ප්‍රමාද කිරිමට පමණකැයි රජය ප්‍රකාශ කර සිටියි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේදී මේ කරුණ පිළිබඳව එරට රජය සමඟ සාකච්ඡා කර එකඟතාවයකට පැමිණිමට ඉහත කාලය යොදා ගැනෙන බවද රජය ප්‍රකාශ කරයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදිම සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නැති බවද රජය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
රජය ඉහත කරුණු සඳහන් කළේ  “කොළඹ වරාය බදුදීමට ජනාධිපතිගේ විරෝධය” යනුනේ පුවත්පත් වල පළවු පුවත ගැන කරුණු පැහැදිලි කරමිනි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය බදුදීමට අදාලව ඉදිරිපත් කෙරුණු කැබිනට් සංදේශයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර හා සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙද අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන්ට නිරීක්ෂණ ඉදිරිපත් කිරිමට මීට පෙර දැනුම් දී තිබුනි.
අමාත්‍ය මංගල සමරවිර හා අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් ඊයේ (16) පැවැති අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ නිරික්ෂණ හරහා සඳහන් කර සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පරියන්තයේ කටයුතුවලින් 80% ත් ප්‍රතිඅපනයනයන් බැවින් අදාළ නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉහත සියළුම ප්‍රතිඅපනයන අදායම නැගෙනහිර පර්යන්තයට අහිමිවනු ඇති බවය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදුදිම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2018 මාර්තු 11 දා ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා අතර පැවැති සාකච්ඡාව ගැන මාර්තු 14 දා ජපාන අගමැති ෂින්ෂියෝ අබේ මහතා දැනුම්වත් කල බවද අමාත්‍යවරුන් දෙපළ ඉදිරිපත් කළ නිරික්ෂණයන්හි සඳහන්වන බවද රජය තවදුරටත් කියා සිටියි.
කොළඹවරායේ නැගෙනහිර පර්යන්තය බදුදිමේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළේ අගමැති නොව වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා බවද රජය කීවේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනිද්දා (19) ඉන්දියාව බලා පිටත්ව යන හෙයින් ඉන්දිය රජය සමඟ සාකච්ඡා කොට තින්දුවක් ගැනිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ යැයිද රජය වැඩිදුරටත් කියා සිටියේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දිය සංචාරය අවසන් වන තෙක් සතියක කාලයකට ඉහත කැබිනට් පත්‍රිකාව කල්තැබිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළේ යැයිද රජය වැඩිදුරටත් අනාවරණය කළේය.

t

o

p