ජමාල් කශෝගී ගැන සොයන්න පොම්පේ ඕ සෞදියට

October 17, 2018

ඇමෙරිකන් පුරවැසියකු මෙන්ම, මාධ්‍යවේදියකු ද වුණු 60 හැවිරිදි සෞදි ජාතික ජමාල් කශෝගී, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ අණ පරිදි මරා දමා ඇතැයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කරුණු කාරණා විමසා බැලීමට ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ සෞදි අරාබිය බලා පැමිණියේය.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මෙසේ සෞදිය බලා පැමිණියේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ උපදෙස් පරිදිය. කාශෝගී අතුරුදන්වීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනස්සල්ලට පත් වී සිටින බවත්, සිදුවුණේ කුමක්දැයි සොයා බැලීම කළ යුතු බවත් ජනාධිපති ට‍්‍රම්ප් පවසා ඇත.

කාශෝගී අතුරුදන් වූයේ පසුගිය දෙවැනිදා, තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීය. කාශෝගී සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කළ අයෙකි.

 

t

o

p