බොරු ප්‍රචාරයේ සැබෑ තත්වය පිළිබඳ හොඳම නිදසුන

October 14, 2018

කතා නිර්මාණය කිරීම සහ සැබෑ තත්වය පිලිබඳ කදිම නිදසුනක් වෙබ් අඩවිවල මේ වනවිට ප්‍රචාරය වෙමින් පවතී.

ඒ “අගමැතිගේ කතාව යද්දී ජනපති නැගිටයයි. මුලසුනටත් එන්න බෑ කියයි”  හිසින් ඒ පුවත මහින්ද හිතවාදී වෙබ් අඩවිවල පළවී තිබේ.

නමුත් ඇත්තටම වුයේ සහමුලින්ම වෙනස් කාරණයකි. “ඉන්දියානු සාගරය  අප ගේ අනාගතය නිර්වචනය කිරීම” සමුළුව ජනපතිගේ සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී 11 දා ඇරඹිණි.

ජනපති අගමැති ඇතුළු ප්‍රධාන ආරාධිතයන්ට සමුළුවේ වේදිකාවට ආරාධනා කෙරුණු අතර තමාට හදිසි කටයුත්තක් සඳහා කලින් පිටව යාමට ඇති හෙයින් ප්‍රධාන වේදිකාවට නොපැමිණ සභාවේ විශේෂ ආරාධිතයින් අතර සිටින බව ජනපති දන්වා සිටියේය.

ඒඅනුව අගමැති, කතානායක, විදේශ ඇමති ඇතුළු විදේශ නියෝජිතයෝ වේදිකාවේ අසුන් ගත්හ.

අගමැති සිය දේශනය කරන අතර ජනපති පිටත්ව ගියේ අගමැතිවරයාට අතින් සංඥාවක්ද කරමිනි. මේ සැබෑ සිදුවීම විකෘති කරමින් ඇතැම් වෙබ් අඩවි පළකර තිබුනේ ජනපතිගේ සහ අගමැතිගේ පැරණි චායාරූපයක්ද පළ කරමිනි.

t

o

p