දුමින්ද සිල්වාගේ මරණ දඬුවම ස්ථිර වෙයි

October 11, 2018

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට නියම කර තිබූ මරණ දඬුවම තහවුරු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීරණය කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩිතබා මරාදැමීම පිළිබඳව වැරදිකරුවකු ලෙස තීරණය කර කොළඹ මහාධිකරණය 2016 සැප්තැම්බර් 08දා නියම කළ මරණීය දණ්ඩණයට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

දුමින්ද සිල්වා ඇතුළු සිව් දෙනෙකු විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබු අතර මෙම නඩුවේ පලමු සැකකරු වන පොලිස් කොස්තාපල් තුෂාර ද මෙල් නිදොස් කොට නිදහස් කිරීමට ද නියෝග කර තිබේ.

අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ, නලින් පෙරේරා, ප‍්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දී ඇත.

t

o

p