පරික්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

October 11, 2018

ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවල විභාග කරන සාක්කි කෙලින්ම අල්ලස් හෝ දුෂණ චෝදනා කොමිෂන් සභාවේ පරික්ෂණ සදහා සෘජුව යොදාගත හැකි ලෙස විදිවිධාන සැලසෙන පරික්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත රජය වෙනුවෙන් ඉහත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසිනි.
දැනට පවතින නීතිය ප්‍රකාරව ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවල විභාගවන සාක්ෂි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ පරික්ෂණ සඳහා සෘජුව යොදාගත නොහැක.
ඉහත පසුබිම යටතේ යම් සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවක විභාග වූ සාක්ෂි අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමට යොමු කළද කොමිසම එම පරික්ෂණය යළි අරභා මුල සිටම සාක්ෂි විමසිමට සිදුවෙයි.
පරික්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව ජනාධිපති කොමිෂන් සභාවක විභාග වූ සාක්ෂි පදනම් කරගෙන ඉතා ඉක්මණින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරික්ෂණ ආරම්භ කළ හැකි බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

t

o

p