ලෝක වෙළෙද පොතේ තෙල් මිල අඩු වූ විටම මෙරට තෙල් මිල අඩු කරන ක්‍රමයක් අගමැතිගෙන්

October 11, 2018

ලෝක වෙළෙද පොල් තෙල්මිල පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාවේ පෙට්‍රල් සහ ඩිසල් මිල ගණන් අඩු කිරිමට හැකි වනදින වකවානු සම්බන්ධයෙන් අපේක්ෂිත වාර්තාවක් දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත ඊයේ (11) උපදෙස් දුනනේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉහත උපදෙස් දෙනු ලැබූවේ ලෝක වෙළෙද පොලේ තෙල් මිල ඉහල යාමට මුහුණ දෙමින්  මෙරට ජනතාවට සහනදිය හැකි නිශ්චිත කාලවකවානු ගැන අවබෝධයක් ගැනීම සඳහා ලෝක වෙළෙද පොලේ තෙල් මිල අඩු වූ වහාම ක්ෂණිකව එහි වාසිය ශ්‍රී ලාංකීය ජනතාවට දෙන ආකාරය ඉහත වාර්තාව මගින් ම විස්තර කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස්වල සඳහන්ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව මාසයේ 10 වන දිනය තෙක් නොසිට ලෝක වෙළෙද පොලේ තෙල් මිල අවූ වහාම දෙනු ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

t

o

p