ක්‍රිකට් තරඟ පාවාදීමක් ගැන කිසිදු ක්‍රීඩකයෙකුට චෝදනාවක් නෑ

October 10, 2018

ක්‍රිකට් තරඟ පාවාදිම් හෝ වෙනත් දුෂණයක් ගැන කිසිදු ක්‍රිඩකයෙකුට චෝදනාවක් මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්ධන ඒකකයෙන් කරන පරික්ෂනයෙන් තහවුරු වී නැතැයි පළාත් සභා හා පළාත් පාලන සහ ක්‍රිඩා ඇමති ෆයිසර් මුස්තා මහතා පාර්ලිමේන්තුවේදි අද (10) ප්‍රකාශ කළේය.
ක්‍රිකට් තරඟ පවාදීම් ඇතුළු ක්‍රිඩා ක්ෂේත්‍රයේ ඇති වන වංචා දුෂණ අවම කිරිම සඳහා අල්ලස් පනතට සංශෝධනයක් ගෙන ඒමට කටයුතු කරන බව ද ක්‍රිඩා අමාත්‍යවරයා කීවේය. ක්‍රිඩකයින් සහ ක්‍රිඩා සංගම්වල නිලධාරින් රාජ්‍ය නිලධාරින් සේ සලකා අල්ලස් පනතට යටත් කරමින් එම නීති සම්පාදනය කරන බවද හෙතෙම සඳහන් කළේය.
ඒ ගැන නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති අතර අවසන් එකඟතාවයකට මෙතෙක් පැමිණ නැති බවද ඇමතිවරයා පැවසීය.
මේ දිනවල ක්‍රිකට් තරඟ පාවාදීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩකයන් ඉලක්ක කර ගනිමින් විවිධ ප්‍රචාර පැතිරෙන බැවින් එහි සත්‍යතාවයක් තිබේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග 27/2 යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කීවේය.

t

o

p