මාධ්‍යවේදිනියගේ හා 16 කණ්ඩායමේ ක්‍රමන්ත්‍රණයක් ලංකාදිපෙන් එළියට

October 7, 2018

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කිරීම සම්බන්ධයෙන් කිසිඳු සාකච්ජාවක් කර නැතැයි එක්සත් ජාතික පක්ෂය පවසයි.

එක්සත් ජාතික පක්ෂය මෙලෙස පවසන්නේ “ජනපති යළිත් පොදු අපේක්ෂකයා කරන්න, ශ්‍රීලනිප-එජාප ඇමති සාකච්ජාවක්” යන්නෙන් අද (7) ඉරිදා ලංකාදීප මුල් පිටුවේ පළවූ පුවත පිළිබඳව ස්ථාවරය පැහැදිලි කරමිනි.

මෙම අදාළ පුවත පුවත්පතට සැපයු මාධ්‍යවේදිනියට 16 කණ්ඩායම නියෝජනය කරන ජනපතිට හිතවත් මන්ත්‍රීවරයකු විසින් දුන් බොරු තොරතුරක් මත මේ පුවත ලියා ඇතැයි දැනට විදේශගතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් පවසා ඇත.

සරත් ෆොන්සේකා මහතා ජනාධිපති වුවහොත් උතුරට ස්වයං පාලනයක් ලබා දෙන බවට ආර්.සම්බන්ධන් මහතා පැවසියැයි 2010 වසරේ දී ද මේ මාධ්‍යවේදිනිය විසින්ම බොරු පුවතක් නිර්මාණය කර තිබු බවද එජාප ජ්‍යෙෂ්ඨයා මෙහිදී සිහිපත් කර දී තිබේ.

t

o

p