බදු වංචා කළාට සුපිරි චින නිළියට යුආන් මිලියන 883ක් දඩ

October 4, 2018

චීනයේ සුපිරිතම නිළියක වූ ෆෑන් බින්ග්බින්ග් හට බදු වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චීන යුආන් මිලියන අටසිය අසූ තුනක් දඩ වශයෙන් ගෙවීමට චින බලධාරීන් නියම කර තිබේ. මාස තුනක් පමණ කාලයක් ඇය ආගිය අතක් නැතිවීම එරට තුළ මහත් ආන්දෝලනයකට හේතු වී තිබිණි.
චීනයේ ජනප්‍රියතම තරුවක් හා ලොව වැඩිම ගෙවීමක් ලබන නිළියක් වන ෆෑන් බින්ග්බින්ග් මෙම දඩ මුදල නොගෙව්වොත් ඇයට සිර දඬුවම් විඳීමට සිදුවනු ඇත. චීන කලාකරුවන් බදු වංචා කිරීම ගැන රජය කළ විමර්ශනයක මුලින්ම සිටියේ ෆෑන්ග්ය. මෙහිදී මෙම පිරිස තම ආදායම් වාර්තා දෙකක් සකස් කරවන අතර බදු ගෙවීමේදී ඉදිරිපත් කරන්නේ ව්‍යාජ වාර්තාවය.

t

o

p