ඉන්දුනිසියාවේ සුනාමියෙන් මියගිය ගණන 1400 ඉක්මවයි

October 4, 2018

පසුගිය සිකුරාදා ඉන්දුනිසියාවේ ඇති වූ සුනාමියෙන් මියගිය ගණන එක්දහස් හාරසියය ඉක්ම වූ බව වාර්තාවෙයි. මුලදී අටසිය හතළිස් හතරක් ලෙස දැක්වුණු එය පසුගිය දිනවල ක්‍රමයෙන් වැඩිවිය.

රිච්ටර් මාපාංකයේ 7.5ක් ලෙස සටහන් වූ භූමිකම්පාවක් එරට සුලවෙසි දුපතට බලපෑ අතර ඉන් මුහුදුබඩ නගරයක් වූ පලු දුපත මුළුමනින්ම පාහේ විනාශ විය. මේ වනවිට දිවිගලවාගත් පිරිසට විදුලිය හෝ ජල පහසුකම් නැති අතර ඔවුන්ට ආධාර ලැබෙමින් පවතියි.

දෛනික අවශ්‍යතා හිඟය හේතුවෙන් කඩසාප්පු මංකොල්ලාකෑමට ජනතාව පෙළැඹී ඇති බැවින් ඒවා සඳහා ‍පොලිස් ආරක්ෂාව ලබාදී තිබේ.

t

o

p