ජපානය සමඟ ආර්ථික සම්බන්ධතා වැඩි කිරීමට අගමැති උපදෙස් දෙයි

October 3, 2018

ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ආසියානු පැසිෆික් කලාපයේ දැනට ශක්තිමත්ම මුදල් ඒකකය පවත්වාගෙන යන ජපානය සමඟ ආර්ථික සම්බන්ධතා වැඩි වැඩියෙන් ඇති කර ගැනීමට රජය තීරණය කර තිබේ.
රජය මේ තීරණයට එළැඹඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවය. නෝර්වේ සහ බ්‍රිතාන්‍ය සංචාරයට පිටත්ව යාමට පෙර ගෝලීය ආර්ථික අර්බුදය හමුවේ ගත යුතු පියවර ගැන අග්‍රාමාත්‍යවරයා ඇමතිවරුන්ට හා ආර්ථික විශේෂඥයන්ට දීර්ඝ ලෙස පිළිතුරු දෙනු ලැබීය.
ඇමරිකා එක්සත් ජනපදය චීනයට අධික තීරු බදු පැනවීම නිසා මහා පරිමාන ණය ප්‍රදානවලට චිනය නොපෙලබෙනු ඇතැයි ආර්ථික විශේෂඥයින්ගේ මතය වී තිබේ.
කලාපයේ සෙසු රටවල් අතරින් ඉන්දියාව, ඉන්දුනිසියාව, පිලිපිනය, මැලේසියාව යන රටවල මුදල් ඒකකය ඩොලරය ශක්තිමත් වීමත් සමඟ දරුණු අවප්‍රමාණයකට ලක්ව පවතියි.
ශ්‍රී ලංකාව ඇතුළත් කලාපයේ රටවල් සමඟ සැසදීමේදී ආර්ථිකය යම් මට්ටමකින් හෝ පවත්වාගෙන යාමට හැකිව ඇත්තේ ජපානයට පමණක් බව මේ වන විට හෙළිදරව් වී තිබේ.
ඉහත සියළු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ජපානය සමඟ වැඩි වැඩියෙන් ආර්ථික කටයුතු පවත්වාගෙන යාමට විධිවිධාන දෙන ලෙස රජයේ ඇමතිවරුන්ට හා ආර්ථික විශේෂඥයින්ට අගමැතිවරයා උපදෙස් දෙනු ලැබීය.

t

o

p