අගමැති රනිල් නිල සංචාරයකට අද නෝර්වේ බලා යයි

October 3, 2018

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නෝර්වේ රාජ්‍යයේ නිල සංචාරයක් සඳහා අද (3) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

සිය සංචාරයේදී නෝර්වේ රාජ්‍යයේ අගමැතිනි අර්නා සෝල්බර්ග් (Ms. Erna Solberg), ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සභාපතිනි ටූනෙ විල්හෙල්ම්සන් ටෘෘන් (Ms. Tone Wilhelmsen Troen)), විදේශ ඇමැතිනී ඉනෙ එරික්සන් එස්ඔරෙයිදේ (Ms. Ine Eriksen Soreide)  ඇතුළු ඉහළ පෙළේ නායක නායිකාවන් සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

ධීවර, ජලජ සම්පත් සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ යන අයද මෙම සංචාරයට එක්වෙති.

නෝර්වේ රාජ්‍යයේ සංචාරයෙන් පසු අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා ලන්ඩන් නුවර බලා පිටත්ව යෑමටද නියමිතව ඇත.

t

o

p