මැති ඇමතිවරුන්ට රනිල්ගෙන් දැඩි නියෝගයක්

August 24, 2018

මංජුල වීරතුංග
එක්සත් ජාතික පෙරමුණේ සියළුම මැතිඇමතිවරුන් ඉදිරි මාස කිහිපයක දී තරඟයට වැඩ කර ප්‍රතිඵල පෙන්විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබේ.
මැති ඇමතිවරුන් ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දෙනු ලැබුවේ සංවර්ධන කටයුතු සඳහා යහපාලන ජාතික රජය ආරම්භ කර තිබෙන රටපුරා ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවේදිය.
යහපාලන රජයට මාස 3 සම්පූර්ණ වන විට ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කළ බව සිහිපත් කළ බව සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ ඇති ග්‍රාම ශක්ති වැඩසටහන හරහා රටේ සංවර්ධනය ක්‍රියාත්මක වන බව කියා සිටියේය.
ග්‍රාමීය මාර්ග පොදු පහසුකම් ඇතුළු කටයුතු සඳහා රජය කෝටි 8000 ක් වෙන් කර ඇති අවස්ථාවේ තරඟයට වැඩ කර ඉදිරියට පැමිණිය යුතු බවද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
ජාතික රජයේ මැති ඇමතිවරුන්ට කරුණු දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ පෘතුගිසි හමුදා කන්ද උඩරටට පැමිණෙද්දි බලනට ළගාවන තුරු නිහඩව සිටි පළවන විමලධර්මසූරිය රජතුමා ඔවුන් බලනදි පරාජය කළ බවත් පෙන්වා දුන්නේය.
පෘතුග්‍රිසි හමුදා බලනට එනතෙක් පහර නොදිම සම්බන්ධයෙන් විමලධර්මසූරිය රජතුමාට තමාට මෙන්ම බැනුම් ඇසීමට සිදුවූ බව සිහිපත් කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රජය දැන් නියම මාර්ගයට ඇතුළු වී ඇති හෙයින් වැඩ පෙන්වා ඉදිරියට එන්නැයි ද රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමතිවරුන්ට දැනුම් දුන්නේය.
Ranil-Wickremesinghe

t

o

p