UNP පුංචි මන්ත්‍රීවරුන්ට ගමට වැඩ කරන්න ලක්ෂ 5 ක්

August 24, 2018

මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජනය කරන එක්සත් ජාතික පෙරමුණේ 2000 කට අධික සංඛ්‍යාවකට ප්‍රදේශ සංවර්ධනය කිරීම සඳහා ලක්ෂ 5 බැගින් වහාම නිකුත් කිරීමට පියවර ගෙන පවතියි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව ඉහත ප්‍රතිපාදන නිකුත් කෙරෙන්නේ විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශයට වෙන්ව පවතින ප්‍රතිලාභ වලිනි.
රජය විසින් දෙන ඉහත ප්‍රතිපාදන මගින් ඉහත මුදල් වැය කර තම බලප්‍රදේශවල අත්‍යවශ්‍යම සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.

t

o

p