ලබන මස සිට පවුල් ලක්ෂ 8 කට අලුතින් සමෘද්ධිය

August 24, 2018

මංජුල වීරතුංග
ප්‍රතිලාභ හිමිවිය යුතුවුවත් මෙතෙක් සමෘද්ධි දිමනාව නොලැබුනු පවුල් ලක්ෂ 8 කට සමෘද්ධි දිමනාව ලබන මස සිට දීමට රජය තීරණය කර තිබේ.
රජය මෙම තිරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුවය.
සුදුසුකම් සපුරා තිබුණද වසර ගණනාවක සිට ඉල්ලීම් කරමින් සමෘද්ධි දිමනාව නොලද පවුල් ලක්ෂ අටක් වෙනුවෙන් සැප්තැම්බර් මස සිට සමෘද්ධි දිමනාව ගෙවන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

t

o

p