කෙප්ප කියපු අනුරාධපුර මෑණියන්ගේ දේවාලය ගිනි තබයි..

May 21, 2018

පක්‍ෂ විපක්‍ෂ මැති ඇමතිවරුන් බොහෝ පිරිසක් යන එන මෙරට ප‍්‍රසිද්ධ අනුරාධපුරයේ අනාවැකි කියන කාන්තාවකගේ දේවාලය කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇති බව වාර්තා වෙයි.

මෙම ස්ථානයේ දේශපාලඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාවද දහස් ගණනක් දිනය පුරා ගැවසෙන අතර එහිදී කියන ලබන දේශපාලන අනාවැකි බොහෝ ප‍්‍රසිද්ධය. නමුත් පට්ට පල බොරුය.

මෑතකදී ඇය විසින් කියනා ලද බොරු අනාවැකි කිහිපයකින් පසු ඇයට විවිධ පිරිස් වෙතින් තර්ජන ඇතිවූ බවද දැනගන්නට ඇත.

දේවාලය ගිනිගැනීමෙන් පසු අනාවැකි කියන කාන්තාව නීතිය පැත්තෙන් කිසිත් නොකර දෙවියන් ගැන විශ්වාසය තබා කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.

මැය ගැන  පසුගිය දිනක අපුරු කතාවක් බුකිය තුල පැනගෙමින් තිබිණි. ඒ පසුගියදා ගෝඨාභයගේ බලපෑම මත මෛත්‍රී, රනිල්, මලික්ගේ අනුහස මත කුප්‍රකට ඩිල් වලට සුප්‍රසිද්ධ විජේදාස රාජපක්ෂගේ අබ්බ ගොබ්බ ක්‍රියාවක් ගැනය. එය නම් මොහු අධිකරණ ඇමතිවරයාව සිටි පසුගිය කාලයේ රාජපක්ෂ රෙජීමයේ නඩු යට ගැසීම නිසා නීතිපති දෙපාර්තමේන්තුව තුල ඇති නඩු ගොනු අස්ථාන ගත කර 2015 ජනවාරි 8 ජනතා මතයට පයින් ගැසීම නිසාත් බුද්ධශාසන ඇමතිධුරය ගෙන ජාතිවාදය ආගම්වාදය අවුස්සා අන්තවාදී කල්ලි සමග එකතුව රජයේ ගමන කඩාකප්පල් කිරීම නිසාවෙන් ඇමතිධුර දෙකෙන්ම පන්නා දැමුවේය. ඒ අතරතුර මෙයට රජයේ මැති ඇමතිවරු කිහිප දෙනෙක් දැඩි ලෙස විරුද්ධ විය. ඒ ප්‍රබල ලෙස විරුද්ධ වූ පිරිසගෙන් දස දෙනෙකු ඉලක්ක කර මේ අනුරාධපුර මෑණියන් ලෙස පෙනී සිටින ඥාණා නමැති ගැහැණිය සමග එකතුව විශාල මුදලක් වියදම් කර කොඩිවිනයක්ද කර ඇත. මේ මැති ඇමතිවරු අතර මංගල සමරවීර, රාජිත සේනාරත්න, පාඨලී චම්පික, සරත් ෆොන්සේකා, රවී කරුණානායක, රන්ජන් රාමනායක, අජිත් පී. පෙරේරා, චතුර සේනාරත්න මහත්වරු සිටි බවට තොරතුරු ලැබී ඇත.

මෙවන් අන්ධ විශ්වාස මත යමින් රටට මෙන්ම ජනතාවට සෙතක් නොමැති සක්කිලියන්ට සංස්කෘතික හා උසස් අධ්‍යාපන වැනි ඇමතිධුර දෙන්නට තරම් ජනාධිපති සහ අගමැති මෙතරම් බංකොලොත් තත්වයට වැටී ඇත්තේ ඇයි ? 


එජාපයේ මෙතරම් සුදුස්සන් සිටියදී මෙවන් තක්කඩි පමණක් එජාපයේ නායකත්වයට පෙනුනේ ඇයි ?

t

o

p