58 වැනි සේනාංකයේ යුද වීරයාව මීලග යුද හමුදාපති ධුරයට නිර්දේශ.. අඩු වයසින් විශිෂ්ඨ සම්මාන

May 21, 2018

ත‍්‍රිවිධ හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විශිෂ්ට සේවාව මෙන්ම සේවා කාලය තුල නොකැළැල් චරිතයක් වෙනුවෙන් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානයක් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ දිනයේ සිදු කෙරින.

යුද හමුදා ලූතිනන් කර්නල් නිලය හා ඊට ඉහළින් සිටින නිලධාරීන් හා ගුවන් නාවික හමුදාවල ඒ සමාන්තර නිලයන්හි 25 වසරක අඛණ්ඩ සේවය හා නොකැළැල් සේවා ඉතිහාසය විශිෂ්ට මට්ටමේ තිබෙන නිලධාරින්ට පමණක් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම පිරිනමයි.

පසුගිය මැයි 19 වන දිනයේ මෙම පදක්කම දැනට සේවයේ සිටින හා විශ‍්‍රාම ගිය නිලධාරීන් පනස් දෙනෙකු වෙත ප‍්‍රධානය කරන ලදී.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පතිටද මෙම සම්මානයන් පිරිනැමිණ.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාටද මෙම සම්මානය පිරිනැමීම විශේෂ වන්නේ ඔහු මෙම සුදුසුකම් සපුරා ඇත්තේ අඩු වයසකින් මෙන්ම සේවා කාලය තුල නොකැළැල් චරිතයක් පවත්වා ගැනීම වෙනුවෙන්ය.

බොහෝ දුරට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඉදිරියේදී හමුදාපති ධුරයටද පත්වනු ඇති බවට ආරක්‍ෂක අංශ සාමාජිකයන් බෙහෝ දෙනෙකු පවසන අතර යුද හමුදාවේ ජේෂ්ඨත්වය අනුව මෙන්ම සුදුසුකම් අනුවද ඉදිරියෙන්ම සිටින්නේද ඔහුය.

තිස් අවුරුදු කුරිරු යුද්ධයේ විශේෂ සන්ධිස්ථානයක් වූ වන්නි මානුෂීය මෙහෙයුමේදී අතිශයින් ප‍්‍රසිද්ධ වූ ‘58 වන සේනංකය’ මෙහෙයවන ලද්දේද, තිස් අවුරුදු කුරිරු යුද්ධය අවසන් කිරීමට විශාල වගකීම් සම්භාරයක් ඉටු කල 58 සේනාංකයට නායකත්වය දුන්නේද ඔහුය.

උපුටා ගැනීම : SL NEWS WEB

t

o

p